Thursday, July 3, 2014

ඔන්න අපිත් යන්න තියෙන අමාරුම Trip 3ක් 1ක පාර ගියා......






මෙන්න අපේ set එක.... පින්තුරේ ගත්තේ  ලක්මාල්, හෝර්ටන් place entrance එක ලගදී....

අපේ office එකේ සෙට් එක තමයි ගමනට සෙට් උනේ, වෙසක් දවස් 2කේ නිවාඩුවට ගානට plan  කරලා එහෙම අපි සුදානම් උනා...
අපේ ගමනාන්තය උනේ නොන්පෙරියල් කියන අතිශය දුෂ්කර වතුයායේ, නැග්රක් කියන අතිශය සුන්දර පට්ටම වතු බංගලාව....


මේ තියෙන්නේ බඩු....

මේ වතුයාය පිහිටලා තියෙන්නේ බෙලිහුල් ඔය පලාතට කිට්ටුව.. හරියටම කිව්වොත් ලෝකාන්තය එහෙම නැතහන් Worldend එක පල්ලෙහා.... ලෝකාන්තය බලන්න ගිහාම අපිට පල්ලෙහා පෙන තේ වත්ත තමයි මේක... 
ඇත්තටම කිව්වොත් මේ වතු යාය ලෝකාන්තය පහල සිට උඩටම තියෙනවා ඒ තරම් ම ලොකුයි.... 

ඉතින් මේ ගමන පහසුවෙන්ම අපිට බෙලිහුල් ඔයට ගිහින් යන්න තිබුනත් අපේ තියෙන, අමාරුවට අපි ටිකක් වෙනස් මාර්ගයක් තොර ගත්තා....

කෑගාල්ලේ අපේ ගෙදරින් ගමන පටන් ගත්තු අපි, නුවර එළියටත් ගිහින් පට්ටිපොළ හෝර්ටන් තැන්න පහු කරලා උඩවේරිය හරහා කලුපහනට ඇවිත් බෙලිහුල් ඔය හරහා නොන්පෙරිල් යන පාර තොර ගත්ත..

මේ උඩවේරිය හරහා කලුපහනට යන පාර අතිශයින්ම සුන්දර වගේම අතිශයින්ම දුෂ්කර මාර්ගයක්.. සමහර විට ලංකාවේ තිබෙන වාහන ගමන් කරන්න පුළුවන් දුෂ්කරම මාර්ගය මේක වෙන්න පුළුවන්... ...


ඔන්න map එකෙන්ම බලන්නකෝ.., 

ඔන්න එහෙනං අපි නමෝ බුද්ධාය කියල පාන්දර 4ට විතර ගමන පටන් ගත්තා..



කෑගල්ලෙන් ගමන පටන් ගත්ත අපි විදුලි වේගෙන් නුවර එලියට අවා... මේ Top Pass දන්නවා නේ ලංකාවේ මහා මාර්ගයක උසම තැන..












නුවර එළියෙන්කාල එහෙම අපි හෝර්ටන් තැන්නට පිටත් උනා..... මේ තියෙන්නේ ඒ අතරමග හම්බ වෙන ලස්සනම ලස්සන වැවක්.. නම මොකද්ද කියල මතක නෑ 




හුලන්  බලේ...






අපේ Ride එක.... පට්ටම ආතල්.....



ඔන්න අපි හෝර්ටන් තැන්න පිවිසුමටත් අවා.. පිටි පස්සෙන් පෙන්නේ එක.... අපි යන්නේ උඩවෙරියට නිසා මෙතන පහු කරලා යන්න ඕනේ,,,

ගොඩක් උදවිය ගමන හෝර්ටන් තැන්නෙන් ඉවර කරන නිසා ඔහිය පැත්තට යන්නේ නෑ ... හෝර්ටන් තැන්න පිවිසුමෙන් පස්සේ පාර ගොඩක්ම ලස්සනයි...
















































අපි පොඩ්ඩක් ගමන මෙතන නැවැත්තුවා..... ඔහිය පැත්තෙන් එනකොට හෝර්ටන් තැන්නට ඇතුල් වෙන board එක ටමයි මේ...


හේ හේ ඔය add එක දාගෙන ඉන්නේ කසුවා.... පුදුම ෆොටෝ උණක් තිබුනේ ඕකට...



ඔය පෙනෙන්නේ උඩවේරිය වතුයාය.... අපේ දුෂ්කර මාර්ගය.







අපි රජ ගමනේ....


ඔය ඈතින් පෙනෙන්නේ Devils Staircase (යකාගේ පඩිපෙළ) කියන තැන... ඕක අපි නගිනවා උඩවේරිය පාරේ යනකොට... ඔය පින්තුරේ zoom කරලා ගත්තු එකක්...


Posh ලෑල්ලා.....










උඩවේරිය හන්දියකරා..




ඔන්න අපි උඩවේරිය පාරට හැරෙන හන්දියට අවා... හන්දියක් කිව්වට මේක පාලු හන්දියක්.... LOL

මේ පැත්තට ගියොත් ඔහියට යන්න පුළුවන්... අපි එහෙට යන්නේ නැතුව... උඩවේරිය පැත්තට යනවා..




ඔන්න අපි උඩවේරිය වතුයායට ඇතුල් උනා...
පහල පෙනෙන පල්ලිය ලග තමයි මම කලින් පාරක Hike එක ක මැරෙන්න ගියේ... ලොල් තමයි...



පට්ට නේ..









පහලින් පෙනෙන Tea Factory 2ම වහලා... එ 2න් උඩින් තියෙන්නේ ඔහිය Factory එක.. පහලින් තියෙන්නේ උඩවේරිය Factory එක...


ඔන්න අපි පහලට බැහැගෙන යනකොට Devils Staircase පෙන්නවා... මතකනේ ඉස්සර වෙලා අපි මේක දැක්කේ පහලින්...





තාර පාර මේ හරියෙන් ඉවර වෙනවා..., ඊට පස්සේ ඉතින් ගලෙන් ගලට පනින්නියා තමයි....









මේ පාරේ Ride කරනකොට පරිස්සමින් යන්න ඕනේ.. මේ විදියට ගල් ගැල උන පාරවල් වල යනකොට Tyre කැපෙන්න බලනවා... මේ හරියේ එහෙම උනොත් නං ලෙච්චමී කෙනෙක් මෙහෙන්ම කසාද බැදලා දළු කඩාගෙන මෙහෙටම වෙලා ඉන්න එක තමයි හොද..


වසා දැමුණු, ඔහිය Factory එක.. මේවා නං අපරාද...
හදපු මිනිස්සු, සුද්දා උනත් මොන තරම් කට්ටක් කන්න ඇද්ද...


මෙන්න Hill Safari Eco Lodge අපි කලින් පාර ඇවිත් නවාතැන් ගත්තේ මෙතන.... හරිම ලස්සන හොද තැනක්..


මෙන්න වසා දාපු උඩවේරිය Factory එක... දුකේ බෑ..


උඩවේරිය Managers Banglow. පහල පෙනෙන්නේ Pool එක.. දැන් එක පාවිච්චි වෙන්නේ නැ වගේ..








කරිෂ්මා බබාට නං හොදටම අමාරු උනා...





කදුකර ජීවිත...


අපි ආපු පාර.. රවුම් කරලා තියෙන්නේ අපි වත්තට ආපු තැන.. වතු බංගලාව එහෙමත් පෙනෙන්න තියෙනවා...


අපි දැන් ඉන්න තැන උඩහට පෙනුනේ මෙහෙමයි...





පහලින් පෙනන්නේ හපුතලේ ඉදල බෙලිහුල් ඔය හරහා යන පාර.. ඕකට අපි කළුපහන හන්දියෙන් වැටෙනවා..



Organic Tea Factory.
මේ ගැන වැඩි විස්තරක් මම දන්නේ නං නෑ...




ලස්සන දොළ පාරක්...




මොකක් හරි සිහිවටනයක්, සොහොන් කොතක්, දළු ෂූට් කරපු එකක් වෙන්න පුළුවන් මේක... මේක මොකද්ද කියන එක නං මම දන්නේ නෑ 


ඔන්න කොහොමින් කොහොම හරි අපි Devils Staircase වලට අවා..
ඔන්න නැග්මේ  ආරම්භය...


මම අපි මුලින්ම මෙතන දැක්ක තැන Photo එකක් ගන්න හැදුවත් මීදුමින් ඒ හරිය වැහිලා..


මෙන්න අපි Devils Staircase නගපු video   එක... මේක පොඩ්ඩක් ෂේක් වෙලා තියෙන්නේ ගණන් ගන්න ඒපා..
පළමු වතාවට මම හිතන්නේ මේක කව්රු හරි video කරලා තියෙන්නේ...







අපි පොඩ්ඩක් මහන්සි ඇරියා...



Devils Staircase ඉදල පහලට එනකොට පොඩි දිය පාරක් හම්බ උනා.. අපේ පින්තුර කොල්ලෝ ඔය add දාන්න සෙට් වෙලා ඉන්නේ...


අපිට මගදී අපි වගේම bike පිස්සෙක් හම්බ උනා.. පොර හෝර්ටන් තැන්නට යනවලු... මේ ගමන සුපිරි බන්ඩියක ඇවිත් තියෙන්නේ.. මරු නේ..


මේ Division එක ගැන විස්තරයක් තියෙන්නේ..






මේ පෙනෙන්නේ ලංකා ඇල්ල... 


මේතැන නං පරිස්සම් වෙන්න ඕනේ.. වැස්ස වැඩි දවසක නං වතුර පාර බලලා වාහනේ දාන්න.. bike වලට නං පොඩි පාරක් තියෙනවා වැස්ස දවසට යන්න...

පස්සේ මට මේ සපත්තු පාලම ගැන තවත් විස්තර ගොඩක් දැන ගන්න ලැබුනා... මේ තැනට "Water Car"කියලත් කියනවලු... ඒ කියන්නේ ඉස්සර  සුද්දෝන්  ගේ වාහන බොයිල් කරාම අර  මහා කන්ද නැගල.. මෙතනින් ලු සීතල වතුර අරගෙන රේඩියෙටරේ ට දැම්මේ...









මේ සපත්තු පාලම පහු කරාට පස්සේ ටික දුරක් එනකොට V-Cut එක කියන තැන හමුවෙනවා.. මෙතනින් උඩවේරිය වත්ත ඉවර වෙනවා වගේ ම එතනින් පස්සේ අපි බඹර කන්ද බෑවුමට ඇතලු  වෙනවා..


ඔන්න අපි V-Cut එකේ....
මෙතින් පහලට ලොකු බෑවුමක් තියෙන්නේ... මෙතනින් පස්සේ අපිට ලංකාවේ උසම දිය ඇල්ල වෙන බඹර කන්ද දිය ඇල්ලත් දකින්න පුළුවන්....


පේනවා නේ පල්ලම... නිකන් අහසේ ඉදන් බලනවා වගේ නේ....


දුෂ්කර ගමනක අවසානය... අම්මා තාර ටිකක් කොන්ච්රීට් ටිකක් දාපු පාරක් දකින්න පට්ටම ආසාවෙන් හිටියේ...



සුන්දර බඹර කන්ද දිය ඇල්ල...


ඔබ බඹර කන්ද දිය ඇල්ල බලන්න එනවා නං.. මෙතන නවතින්න හොද තැනක්.. Bambara kanda Holiday Resort


ඔන්න අපි මනුස්ස වාසෙකට අවා.. මෙන්න මෙතනනින තමයි අපේ දුෂ්කර ගමනනේ එක කොටසක් ඉවර වෙන්නේ...මෙතනට කියන්නේ කළුපහන හන්දිය කියලා ...

කළුපහන ඉදලා පඹහින්න හරහා අපි නොන්පෙරිල් වත්තට යන පාරට හැරෙන තැනට වෙනකන් A4 මාර්ගයේ අවා...


මෙතනින් තමයි අපි නොන්පෙරිල් වත්තට යන්නේ.. අපි නවතින වතු බංගලාවට මෙතැන ඉදලා 21km විතර තියෙනවා කියල තියෙන්නේ... මෙතන ඉදල අපි ලෝකාන්තය ට පෙනෙන පල්ලම නගින්න ගන්නවා..







අපි අපහු ගමනේ...



මේ තියෙන්නේ නොන්පෙරිල් Factory එක.. මෙතනින් එහාට යනවා නං අවසර ගන්න වෙනවා. අපිට අව්ලක් උනේ නෑ අපි කලින්ම බංගලාව බූක් කරලා තිබුණු නිසා..



නොන්පෙරිල් Managers Banglow


මෙතනින් තමයි අපි නැග්රක් බංගලාවට යන්න හැරෙන්නේ.. වම් පැත්තට යන්න ඕනේ... නැග්රක් කියන්නේ නොන්පෙරිල් වත්තේ Division එකක්, එකේ තමයි බංගලාව තියෙන්නේ..

ඒ වගේම මේ හන්දියෙන් දකුණට එහෙම නැත්තන් Upper Division එක පැත්තට ගිහාම අපිට ලෝකාන්තය පහලට යන්න පුළුවන්... ඔය පිස්සු dial ලෝකාන්තයෙන් පැන්නම  මෙහෙ එන්න ඕනේ මිනිය ගන්න... ලෝකාන්තයට පෙනෙන ලැයිම් කාමරත් මේ Division  එකේ තමයි..



ප්‍රබුද්ද හොදටම බය වෙලා..







Bike වලට පොඩි නිදහසක් දුන්න.. ඇයි ඉතින් 1st එකෙයි 2nd එකෙයි විතරයි නේ ගියේ...








ඔන්න අපි බේකර්ස් බෙන්ඩ් කියන සුප්‍රසිද්ද වංගුව ලග ඉන්නේ... පහල පෙනෙන්නේ අපි පහු කරගෙන ආපු Factory එක banglow එක එහෙම...
මේ පාරේ යන එක බොහොම අවදානම් පේනවා නේ පල්ලම... එ වගේ ම පාර බොහොම පටුයි වගේ ම කැඩිලා...


ඔන්න බේකර්ස් බෙන්ඩ් එක...

.

කට්ටිය පාර හදනවා කියන්නේ...


Bike ටික තියල add එකක් දාන්නත් අමතක කරේ නෑ 



මේ වංගුව ලොකු බෑවුමක හදල තියෙන්නේ...වැටුනොත් එහෙම Sorry.Com



ආ මේ මම කොල්ල නේ.. 23 කියන්නේ මේ පාරේ තියෙන 23 වෙනි වැලමිට වංගුව.. U Bend eka..
බන්ගලාවටම යන්න වංගු 34යි.. පිස්සු හැදෙයි...


බෙකෙර්ස් බෙන්ඩ් එකට නැග්රක් බංගලාවට තියෙන තැන පෙනෙනවා.. ඔය රවුම් කරල තියෙන්නේ එතන..


මෙන්න මෙහෙමයි බංගලාවට බෙකෙර්ස් බෙන්ඩ් එක පෙනෙන්නේ..


මගේ ගමන් සගයා...



බෙකෙර්ස් බෙන්ඩ් සිට ඉදිරියට...




මෙතනත් වැදගත් තැනක්.. මෙතන මේ බෙලිහුල් ඔයට 5km කියල ගහල තියෙන එක දැක්කම පිස්සු හදුනා අපි මාර කට්ටක් නේ කෑවේ කියල.. පස්සේ කට්ටියගෙන් ඇහුවම කියුවා එහ පාරේ වාහන යන්න බෑ.. පයින් කදු අතරින් යන්න තියෙන දුෂ්කර පාරක් කියල..





මේ තියෙන්නේ නැග්රෙක් ලයින් කාමර පෙළ.. මේ උදවිය නං පුදුම දුෂ්කර ජීවිතයක් ගෙවන්නේ.... මේ තැන ඉදන් බංගලාවට ටික දුරක් තියෙනවා..




මෙතන නං ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නෑ.. මෙතනින් තමයි අපි වතාවක් ජීවිතේ බේරාගෙන මනුස්ස වාසෙකට ආවේ... එක වෙනම ට්‍රිප් එකක් එක පස්සේ කියන්නන්...

ඔය ඈතින් පෙනෙන්නේ අපේ ගමනාන්තය නැග්රක් වතු බංගලාව...


ඔන්න අපි අවා... මෙතනට ආවම ආපු ගමන් මහන්සිය නිකන්ම නැති වෙලා ගියා.. අවට පරිසරය පුදුම ලස්සනක්..

















මේ බංගලාව හදල තියෙන්නේ 1938 මම හිතන්නේ... මම පොඩ්ඩක් ඒ ගැනත් විස්තර බැලුව.. මොනවා උනත් ඒ කාලේ මාර gamak දෙන්න ඇති නේ...


අපේ ගෙදර තිබුණ පරණ පොතක් හම්බ උන 1932 අව්රුද්දෙ... Times of Ceylon Green Book කියල මේකේ ඒ අව්රුද්දෙ විස්තර ගොඩක් තිබුනා.. හරියට නිකන් අර Yellow Pages wage...






ඔය තියෙන්නේ ඒ අව්රුද්දෙ නැග්රක් හා නොන්පෙරිල් වතු  වල විස්තර.. මම හිතන්නේ ඒ කාලේ නැග්රක් හා නොන්පෙරියල් කියන්නේ වෙන වෙනම වතු 2ක්...

උඩවේරිය  වත්තේ විස්තරත් තියෙන්නේ...


















මේ ඉන්නේ අපිට සලකපු බංගලාවේ උයන්න ඉන්න අප්පුයි, පොඩියෙන් කොලුවයි, මුරට ඉන්න කෙනයි... අපිට මේ කට්ටිය හොදට සැලකුව...

රතු පාට ඇදගෙන ඉන්නේ ජයවීර අයිය හොදේ...






ඔන්න පොඩි Video ටිකක් බංගලාවේ හා ඒ අවට...

ඔන්න එහෙනං අපි ගියා... බංගලාවේ ඉදන් අපි පහු වෙනිදා ලෝකාන්තය බලන්නන්ත් ගිය.. එකත් මාර අවදානම් ගමනක්... ඒ ගැන ඊලග පොස්ට් එකෙන් කියන්නන්...